අවසන් සටන : යුද්ධයේ අඳුරු මතකය සිහි කරන 'මුල්ලිවයික්කාල් කැඳ' දන්සැල
යුද්ධයෙන් මියගිය අය සිහිපත් කරමින් උතුරු සහ නැගෙනහිර පළාත්වල අද දිනයේත් කැඳ ලබාදීම සිදු කෙරේ.
සිවිල් සංවිධාන ජනතාව සමග එක්ව මැයි 12 සිට ලබා දෙන එම කැඳ නම් කර තිබෙන්නේ 'මුල්ලිවයික්කාල් කැඳ' ලෙසයි.
යුද්ධයේ අවසන් දිනවල සිවිල් ක්‍රියාකාරිකයන් ලබා දුන් කැඳ පානය කිරීමෙන් තමන් ජීවිත රැකගත් නිසා එය සිහිපත් කරමින් මෙලෙස කැඳ ලබා දෙන බව ජනතාව පවසති.
යුද සමයේදී සිදු වූ අතුරුදහන්වීම් සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන එල්.ටී.ටී.ඊ සංවිධානයට මෙන්ම ශ්‍රී ලංකා රජයට ද චෝදනා එල්ල වෙනවා.
යුද්ධයේ අවසන් සටන 'මානුෂික මෙහෙයුමක්' ලෙස හඳුන්වා දෙන ශ්‍රී ලංකා රජය පවසන්නේ ආරක්ෂක අංශවලට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

