ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාර්ලිමේන්තුව ; නියෝජ්‍ය කතානායක තරගයෙන් සජිත් පිල අදත් පරදී
නියෝජ්‍ය කතානායක තේරීම සඳහා අද (මැයි 17) පාර්ලිමේන්තුවේදී කළ රහස් ඡන්දය විමසීමේදී ඡන්ද 109ක් ලබාගත් අජිත් රාජපක්ෂ එම ධූරයට පත්විය.
විපක්ෂය ඒ සඳහා රෝහිණි කවිරත්න යෝජනා කළ අතර ඇයට් ඡන්ද 78ක් හිමි වූවාය.
ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 23කි.
නම් දෙකක් යෝජනා කර බෙදීමක් ඇති නොකර පක්ෂ නායකයන් රැස්වී තීරණයක් ගන්නා ලෙසත් එසේ නොමැතිනම් පාර්ලිමේන්තුව සහ මන්ත්‍රීවරු ගැන ජනතා අප්‍රසාදය තවත් වැඩිවන බවත් මෙහිදී ඇතැම් මන්ත්‍රීවරු ඉල්ලා සිටියහ.
එහෙත් ඊට සභාවේ එකඟතාවය පළ නොවීම නිසා තම කණ්ඩායමේ මන්ත්‍රීවරු ඡන්දය කටුගා දන බව මෛත්‍රීපාල සිරිසේන සහ විමල් විරවංශ සඳහන් කරන ලදී.