ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බූදය; මුදල් මුද්‍රණය නොකළොත් රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි බව අගමැති කියයි
මුදල් මුද්‍රණය නොකළහොත් රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බීබීසී සිංහල සේවය සමග පැවසීය.
බීබීසී සිංහල සේවය සමඟ මැයි 13 දා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මුදල් මුද්‍රණය තම ප්‍රතිපත්ති නොවූවද මුදල් මුද්‍රණය කිරීමට සිදුව ඇති බවයි.
"දැනට කරන්න සිදුවෙනවා. නොකෙරුවොත් පඩි ගෙවන්න බැරි වෙනවා රජයේ සේවකයින්ට."
අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ "උග්‍රම ආර්ථික අර්බුදයට අපි මුහුණ දෙන්නේ. මං හිතන්නේ නැහැ සුද්දන්ගේ කාලෙවත්, ඕලන්ද කාලේවත් මේවගේ ආර්ථිකය කඩා වැටීමක් වුණා කියලා."
"මේ අවුරුද්ද තමා අපිට අමාරුම අවුරුද්ද, විදේශ විනිමය නැහැ. ආණ්ඩුවට ආදයම් නැහැ. විදේශ විනිමය එක්ක ව්‍යාපාර ක්‍රියාකාරන්නේ නැත්නම් ආදායම් අඩුවෙනවා." ඔහු පැවසීය.
අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ "දැනට කියන විදිහට ඩොලර් බිලියන 3ක් විතර උවමනයි කියලා. දැනට මේක ලබා ගැනීම තමා අපිට තියෙන පළවෙනි අභියෝගය. ඒක කරන්න තමයි මං දැනට ක්‍රියාකරන්න බලන්නේ. අපි මේ පෝලිම් නැති කරන්න ඕනේ. සාමාන්‍ය ජීවිතයක් ඇති කරන්න ඕනේ."