ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආර්ථික අර්බුදය: රජයගත් ඓතිහාසික වැරදි තීන්දුවක් ගැන මුදල් ඇමති පාර්ලිමේන්තුවට හෙළිකරයි
බදු ප්‍රතිශතය වැඩි කළ යුතු අවස්ථාවක එය අඩු කරමින් වත්මන් රජය ඓතිහාසික වැරදි තීන්දුවක් ගත බව තමන් පිළිගන්න බව මුදල් අමාත්‍ය අලි සබ්රි අද (මැයි 04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
රටේ වත්මන් මූල්‍ය තත්ත්වය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කළ සාකච්ඡාවල ප්‍රගතිය ගැන පාර්ලිමේන්තුව දැනුවත් කරමින් මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
පවතින දේශපාලන අර්බුදය කෙටි කලකින් විසඳා ගත හැකි වුව ද කවුරු බලයට පැමිණිය ද ආර්ථික අර්බුදය විසඳීම පහසු නොවන බව මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේය.