ජනාධිපතිට දෝෂාභියෝගයක් සහ ආණ්ඩුවට විශ්වාස භංගයක් ගේන්න විපක්ෂයෙන් යෝජනාවක්
ජනාධිපතිට දෝෂාභියෝගයක් සහ ආණ්ඩුවට විශ්වාස භංගයක් ගෙන ඒමට සුදානම් බව විපක්ෂය අද (අප්‍රේල් 08) පාර්ලිමේන්තුවේදී සඳහන් කරන ලදී.
වගකීම් භාර ගැනීමට සුදානම් නමුත් වත්මන් ජනාධිපතිවරයා හෝ එම කණ්ඩායම සමග ක්‍රියා කිරීමට සුදානම් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය.
ජනාධිපතිවරයා ඉවත් විය යුතු බව ජනතාව පවසන බැවින් ඔහු ඉවත් නොවන්නේ නම් ව්‍යවස්ථානුකූලව දෝෂාභියෝගයක් ගෙන ඒමට සිදුවන නව ඔහු කියා සිටියේය.
මේ අතර පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසුවේ ජනාධිපතිවරයා ඉවත් කිරීමට දෝෂාභියෝගයක් ගෙන ඒමට මෙන්ම ආණ්ඩුව ඉවත් කිරීමට විශ්වාස භංගයක් ගෙන ඒමට සුදානම් බවයි.