ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආර්ථික අර්බුදය ; ''රුපියල් 100ටවත් දුවන්න වෙනවා පළවෙනි කිලෝමිටරය.''
රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන මිල ඉහළ යෑමත් සමග කුලී ගමන් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව ත්‍රීරෝද රථ රියදුරන් පවසනවා.
ඇතැමුන් සඳහන් කළේ මේ වන විට පළමු කිලෝමීටරයට අය කරන රුපියල් 70 ගාස්තුව 100 දක්වා වැඩි කිරීමට සිදුවන බවයි.
එසේ නොමැති නම් ගාස්තු වැඩි නොකර මගියා ද රැකගෙන කර්මාන්තය පවත්වාගෙන යෑම සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දෙන ලෙසයි ත්‍රීරෝද රථ රියදුරන් රජයෙන් ඉල්ලා සිටින්නේ.
එහෙත් රටේ පවතින තත්ත්වය මත මේ අවස්ථාවේදී සහන ලබා දිය නොහැකි බව ප්‍රවාහන අමාත්‍යවරයා පැවසුවා.