දේශගුණ විපර්යාස ; බැටකන රටවල් වලින් හයවැනි තැනට ශ්‍රී ලංකාව
දේශගුණ විපර්යාස නිසා බලපෑම් එල්ලවන රටවල් ඇතුළත් දර්ශකයේ ශ්‍රී ලංකාව හයවන ස්ථානයේ පසුවන බව කැලණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා හා පරිසර කළමනාකරණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය රංගිකා බණ්ඩාර බීබීසීයට පැවසුවාය.
ශ්‍රී ලංකාවේ හරිතාගාර වායු විමෝචනය 1%ටත් අඩු අගයක පැවතිය ද ගෝලීය වශයෙන් සිදුවන උණුසුම ඉහළ යෑම නිසා ශ්‍රී ලංකාවට මෙම තත්ත්වයට මුහුණ දීමට සිදුවන බව ඇය පවසන්නීය.
දේශගුණ විපර්යාසවල අහිතර ප්‍රථිපල නිසා දැනටමත් ශ්‍රී ලංකාවේ වී අස්වැන්න 10%කින් අඩුවී ඇති අතර ජල විදුලිය නිෂ්පාදනය 50%කින් පමණ අඩුවී ඇති බව ද ඇය පෙන්වා දුන්නාය.
මේ තත්ත්වයට මුහුණදීම සඳහා නොයෙකුත් විද්‍යාත්මක පර්යේෂණ සහ ව්‍යාපෘති ක්‍රියාත්මක වේ. එහෙත් ඉන් රටක් ලෙස ගන්නා ප්‍රයෝජන ගැන සෑහීමකට පත්විය නොහැකි බව ද මහාචාර්ය රංගිකා බණ්ඩාර බීබීසීයට පැවසුවාය.
