ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතමින් කළ ප්‍රකාශයට විපක්ෂයේ ප්‍රතිචාර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතමින් කළ ප්‍රකාශය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතමින් කළ ප්‍රකාශයට විපක්ෂය අද ප්‍රතිචාර දක්වනු ලැබුවා. එහිදී විපක්ෂය පවසන්නේ රටේ නායකයා ලෙස මේ අවස්ථාවේ ජාතිය අමතා ජනතාවගේ ශක්තිය නැංවීමට උත්සාහ කිරීම ගැන ඔවුන් ස්තූති වන්ත වන අතර පරක්කු වී හෝ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබාගැනීමට ගත්ත තීරණය ශ්‍රී ලාංකික ජනතාවට වැදගත් වන කාරණයක් බවයි.

සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් විමසා සිටියේ "ගරු ජනාධිපතිතුමනි, ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්ච් කරන්නේ කොහොමද? යනුවෙනි.

"අතිගරු ජනාධිපතිතුමනි ඔබගේ ජාතිය ඇමතීමේ කතාව මා ඇහුවා. ප්‍රශ්න කිහිපයක් ඇතිවූ නිසයි මේක ලියන්නේ. ඔබ කියන විදිහට ඔබ මේ අර්බුදය කලින්ම දුටුවාලු. ඒ නිසා, වාහන ආනයනය නතර කර විදේශ විනිමය ඉතිරිකර ගැනීමට කටයුතු කළ බවයි ඔබතුමා සඳහන් කළේ."

"නමුත්, ඔබ මෙවැනි අර්බුදයක් දුටුවා නම් දේශපාලන ජනප්‍රියතාවය දිනාගැනීම වෙනුවෙන් දැවැන්ත ලෙස බදු අඩුකර රුපියල් බිලියන 600 ක පමණ බදු ආදායමක් අහිමි කරගත්තේ ඇයි? නිවේදනයක් නිකුත් කරමින් ආචර්ය හර්ෂ ද සිල්වා විමසා සිටියේය.

අර්බුදයේ ආරම්භයක් බවට පත්වුණේ ලෝකයේ අඩුම රාජ්‍ය ආදායමක් තිබෙන රටක් වන ලංකාවේ රාජ්‍ය ආදායම් මේ ආකාරයෙන් දැවැන්ත ලෙස කඩා වැටීම බවට ඔහු චෝදනා කර සිටියේය.

"ඒ වගේම, රුපියල පා කිරීම නිසා, අපනයන ආදායම වැඩිවන බවත් ඒ තුළින් වෙළෙඳ හිඟය අඩුකර ගත හැකි බවත් ඔබතුමා පැවසුවා. ඔබ කියන විදිහට අර්බුදය කලින්ම දුටුවා නම් රුපියල කෘත්‍රිම ලෙස පාලනය කිරීමට උපදෙස් දුන්නේ ඇයි?"

ඒ තුළින් ඩොලර් බිලියන 04 ක පමණ ආදායමක් රටට අහිමි වූ බව ඔබතුමා දන්නවාද? යි ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රශ්නකර සිටියේය.

"රුපියල ආරක්ෂා කිරීමට ඩොලර් බිලියන 1.5 ක් විතර පුච්චන්න වුණා ජනාධිපතිතුමනි. ඒ වගේම, රුපියල කෘත්‍රිම ලෙස පාලනය කිරීම නිසා රටට ඩොලර් බිලියන 2.5 ක පමණ විදේශ ප්‍රේෂණ ආදායමක් අහිමිවුණා. විදේශ විනිමය අර්බුදය දිග් ගැස්සුණේ ඒ විදිහටයි ජනාධිපතිතුමනි."

ඔහු පෙන්වා දුන්නේ "රට වෙනුවෙන් මේ අවස්ථාවේ විදුලිය සහ ඉන්ධන අර පිරිමැස්මෙන් පාවිච්ච් කරන ලෙස ඔබ ඉල්ලා සිටිනවා. ඉන්ධන අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න තියා ඉන්ධන ටිකක් හොයාගන්නවත් බැරිවයි ජනතාව ඉන්නේ. අනිත් අතට, මේ වගේ ගිනි ගණන් වලට ඉන්ධන අරගෙන ඒවා ජනතාව නාස්ති කරයි කියල හිතන එකත් වැරදියි."

Keyframe #1

"ඒ වගේම, ඉන්ධන සහ විදුලිය කියන්නේ ආර්ථිකයක ගාමක ශක්තිය. හයර් දුවන මනුස්සයෙක් ඉන්ධන පරිස්සමෙන් පාවිච්ච් කරන්නේ කොහොමද? ඔහුට හයර් දුවන එක අඩුකරල තමයි ජාතිය ගොඩ ගන්න ඔබ කියන සහයෝගය දෙන්න වෙන්නේ. ඒ කියන්නේ ඔහුගේ ආර්ථිකය වැටෙනවා. සමස්තයක් විදිහට ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්චි කරනවා කියන්නේ ආර්ථිකය වැටෙන එක." මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

අද ගැනීමට යන තීරණය එදා ගත්තා නම් ජනතාවට දුක් විඳින්න වෙන්නෙ නෑ

කෙසේවෙතත්, රටේ නායකයා ලෙස මේ අවස්ථාවේ ජාතිය අමතා ජනතාවගේ ශක්තිය නැංවීමට උත්සාහ කිරීම ගැන තමා ස්තූති වන්ත වෙන බවද හර්ෂ ද සිල්වා කියා සිටියේය.

"එය නායකයෙකු ලෙස හොඳ දෙයක්. නමුත්, මේ ගැටලු ඇතිවූයේ විචක්ෂණශීලී නොවූ ආර්ථික කළමනාකරණය නිසා යැයි ඔබට බැහැර කළ නොහැකියි."

අචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කළේ "ණය ගෙවා දැමීමට ක්‍රමවේදයක් සකස් කිරීමට මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කළ බවත් ඔබතුමා සඳහන් කළා. එය හොඳ දෙයක්. නමුත්, ගැටලුව වන්නේ අර්බුදය කල් තියා දුටුවා නම් මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට මෙතරම් ප්‍රමාදවූයේ ඇයිද යන්නයි."

"මෙවැනි අර්බුදයකට රට වැටෙනු ඇති බවත් ඊට පෙර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර විසඳුම් ලබාගන්නා ලෙසත් ස්වාධීන ආර්ථික විශේෂඥයින් මීට මාස 18 කට පෙර සිටම සඳහන් කළා." ඔහු පෙන්වා දුන්නේය.

අද ඔබ ගැනීමට යන තීරණය එදා ගත්තා නම් ජනතාවට මේ විදිහට දුක් විඳින්න වෙන්නෙ නෑ ජනාධිපතිතුමනි. යනුවෙන් හර්ෂ ද සිල්වා සිය නිවේදනයේ සඳහන් කර ඇත.

main oppositon protest

ඡායාරූප මූලාශ්‍රය, Samagi jana Balawegaya

කැබිනට් එකයි, ජනපතියි කරන කැපවිම මොකද්ද කියලා ජනතාවට කිව යුතුයි

මේ අතර සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් අද (මාර්තු 17) පවසා සිටියේ, ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් ජනාතාව බලාපොරොත්තු වුයේ මෙවැනි දෙයක් නොවන බවයි.

"ජනාධිපති තුමා ජාතිය අමතමින් කිව්වේ ප්‍රශ්න රාශියක් තියනවා කියලයි. රටට ඩොලර් නැහැ කියලයි කිව්වේ, පොලිම් තියන එක ගැනයි කිවේ, ඔයගොල්ලෝ විදින දුක මම දන්නවා, කියලයි කිව්වේ, ජනාධිපතිතුමාගෙන් ඕක නෙවෙයි බලාපොරොත්තු උනේ ජනතාව."

මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, "ජනතාවට කැපවීම් කරන්නලු ජනතාව කැප කරලා කරලා හෙම්බත් වෙලා ඉන්නෙ, ජනතාවට කැප කරන්න තියෙන්නෙ ජිවිතයෙන් තමයි. කැබිනට් එකයි ජනාධිපතියි කරන කැපවිම මොකද්ද කියලා ජනතාවට කිව යුතුයි."

"ආණ්ඩුවට, ජනපතිට දැක්මක් නැහැ.වැඩ පිළිවෙලක් නැහැ."

මුජුබර් රහුමන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මීට පෙර අයි.එම්.එෆ් සහය ගන්නා ලෙස විපක්ෂය ඉල්ලා සිටියත් එය දිගින් දිගටම ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ප්‍රතික්ෂේප කර සිටි බවයි.

"ජනාධිපතිතුමා කලින් කිව්වා IMF යන්න ඕනේ නැහැ කියලා. මුදල් ඇමති පාර්ලිමේන්තුවේදී කිව්වා IMF යන්න අවශ්‍යතාවක් නැහැ කියලා. මහබැංකු අධිපති කිව්වා IMF යන්නේ නැහැ කියලා. දැන් ඊයේ ජනාධිපති කියනවා IMF සහය ලබා ගන්නවා කියලා. මේක අවුරුද්දකට කලින් කරන්න තිබ්බ දේ. අපි කලින් කිව්ව දේ පිලිගත්තේ නැහැ. ආණ්ඩුව ඒක ප්‍රතික්ෂේප කළා." මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඔහු සඳහන් කළේ, "එදා අපි කියපු දේ අද ආණ්ඩුව කරන්න යනවා."

"ඊයේ ජනාධිපති IMF යනවා කිව්වා, මේක අවුරුද්දකට කලින් කිවේ. දැං නැව ගිලෙන්න පටන් අරං තියෙන්නේ අපේ නහය ළඟට වතුර ඇවිල්ලා තියෙන්නේ" ඔහු පෙන්වා දුන්නේය.

"එදා අපි කියපුඑක ආණ්ඩුව පිළිගත්තේ නැහැ. මේකෙන් පෙනෙන්නේ ආණ්ඩුවට ජනාධිපතිට දැක්මක් නැහැ , තීන්දු ගතයුතු මොහොතේ තීන්දු ගත්තේ නැහැ. මේවට ආණ්ඩුව හා ජනාධිපති වග කිව යුතුයි." මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මේ අතර ආර්ථික විශේෂඥයින් පවසන්නේ ජනපති වරයාගේ ජාතිය අමතා කල කතාවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබාගන්නා ආකාරය පහදිරි මදි බවයි.

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු හා ආර්ථික විශ්ලේෂකයකු වන ඩබ්ලිව් ඒ විජේවර්ධන තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ "අයිඑම්එෆ් වෙතින් මූල්‍ය පහසුකම් ලබාගැනීම පිළිබඳව ගෝඨාභය රජයප්ෂ ජනපතිවරයා ජාතිය අමතා කරල් ප්‍රකාශය අපැහැදිලි යි. ඔහු කීවේ එය සමග සාකච්චා කරනුයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා බවයි; එයින් ඔබට යෑම පිළිබඳව තීරණය කරනුවේ එසේ කිරීමේ හොද හා නරක විශ්ලේෂණය කිරීමෙන් පසුව බවයි; එය මිය යන ආර්ථිකයට ප්‍රමාද වන අතර පාවෙන රුපියලට මාරාන්තික වනු ඇත."

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

ජාතික ප්‍රතිපත්ති රාමුවකට යා යුතුයි

මේ අතර එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසා සිටියේ "වසරකට කලින් මේ ගැටලුව එන්න කලින් එන්න පුළුවන් කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලා කිව්වා, ඒ අවස්ථාවේ අවදානයක් යොමු කළේ නැහැ. පමා වෙලා හරි ඊයේ ජනාධිපතිතුමා ජාතිය අමතලා කියූ පරිදි ගත්ත තීරණය පිළිබඳව ලාංකික ජනතාවට වැදගත් වන කාරණයක් හැටියට අපි දකිනවා."

ඔහු කියා සිටියේ "ජාතික ආණ්ඩු වලින් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. එතනින් එහාට මේක කඩා වැටිල ඉවරයි. වසර විස්සකට පමණ වෙනස් කළ නොහැකියි කවුරු පාලනය කළත් කළ යුතු ජාතික ප්‍රතිපත්ති රාමුවක් අපි සියලූ දේශපාලන පක්ෂ එකඟ විය යුතුයි."