මෑත ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ආදාර ගෞරවයට පාත්‍ර වූ ඇත් රජු
නැදුන්ගමුවේ රාජා එලිෆාස් මැක්සිමස් ඉන්ඩිකස් (Elephas maximus indicus) නැමති උප විශේෂයට අයත් වෙයි.
1953 වර්ෂයේදී ඉන්දියාවේදී උපත ලැබූ මේ හස්තියා තවත් ඇත් පැටියෙක් සමග ලංකාවට රැගෙන එන්නේ ඉන්දියාවෙනි.
ආසියාවේ සිටින හීලෑ ඇතුන්ගෙන් උසම ඇතා ලෙස පැවසෙන නැඳුන්ගමුවේ හස්තියාගේ උස අඩි 11 1/2කි.
නැඳුන්ගමුවේ රාජාගේ දළ යුගල අඩි පහක් පමණ දිගින් යුක්ත විය.
2006 වසරේ සිට 2021 දක්වා අවස්ථා 11කදී නැදුන්ගමුවේ රාජා විසින් දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහරේ මඟුල් ඇතු ලෙස දළදා කරඬුව වැඩම කරවූ අතර විශේෂ හමුදාවකගේ දැඩි සැලකිලි සහ ආරක්ෂාව මැද ජීවත් වූ එකම සත්ත්වයා වුයේද නැදුන්ගමුවේ රාජා ඇත් රජුය.
දළදා මාලිගාවේ රාජා හස්තියාට පසු වැඩිම වාර ගණනක් දළදා කරඬුව වැඩම කරවූයේද නැඳුන්ගමුවේ රාජා හස්තියා ලෙස සැලකේ.

