ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පොහොර අර්බුදය ; ''දැන් සතුටුයි ද ? සැප ද ? කියලා අහන්න කවුරුත් නෑ.''
වගාවන් සඳහා අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය නිසි කලට නොලැබීම නිසා අස්වැන්න අඩු වීමත් සමග ඉදිරියේදී ආහාර අර්බුදයක් රට තුළ ඇතිවිය හැකි බවට ගොවීහු පවසති.
අස්වැන්න අඩු වීම නිසා වගා කිරීමට ලබාගත් ණය ගෙවා ගැනීමට නොහැකිව බොහෝදෙනා අසරණවී සිටිති.
ඔවුන් බීබීසීය වෙත පැවසුවේ ''දැන් සතුටුයි ද ? සැප ද ? කියලා අහන්න කවුරුත් නෑ.'' යනුවෙනි.
අම්පාර, බදුල්ල සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ගොවීහු මේ ගැන අදහස් පළ කළහ.
කෙසේ නමුත් ඉඩම් අමාත්‍ය එස්.එම චන්ද්‍රසේන පවසන්නේ පොහොර අර්බුදය තාවකාලික ගැටලුවක් වන අතර අස්වැන්න අඩු වුවහොත් භාණ්ඩ ආනයනය කර හෝ රජය ජනතාවගේ කුසගිනි නිවන බවයි.