ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාරගේ ළඟම ඥාතීන්ට උපරිම සහය දැක්වීමට සුදානම් බව පාකිස්තානය කියයි

පාකිස්තානයේදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාරගේ දේහය අද (දෙසැම්බර් 06) ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවා.

මෙම ඝාතනයට එරෙහිව යුක්තිය ඉටු කරන්නැයි පාර්ශව කිහිපයක් අද ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක් කළා.

ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය පාකිස්තාන මහකොමසාරිස් තන්වීර් අහමඩ් පැවසුවේ ප්‍රියන්ත කුමාරගේ පවුලේ ළඟම ඥාතීන්ට හැකි උපරිම ලෙස සහය දැක්වීමට පාකිස්තානය සුදානම් බවයි.

එමෙන්ම යුක්තිය පසිදලනවා පමණක් නොව, යුක්තිය ඉටුවනවාත් ඔබට දකින්න හැකිවෙන බව ඔහු කියා සිටියේය.