ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලාංකික ඉංජිනේරුවා ඝාතනයට එරෙහිව යුක්තිය ඉටු කරන්නැයි බිරිඳ පාකිස්තාන රජයෙන් ඉල්ලයි
පාකිස්තානයේදී තම සැමියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කර යුක්තිය ඉෂ්ට කර දෙන මෙන් ඉංජිනේරු ප්‍රියන්ත කුමාරගේ බිරිඳ පාකිස්තාන රජයෙන් සහ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන්නීය.
පාකිස්තානයේ සියල්කොට්හි කර්මාන්තශාලාවක කළමනාකරුවෙකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාරට අන්තවාදී කණ්ඩායමක් දෙසැම්බර් 03 සිකුරාදා ප්‍රසිද්ධියේ පහරදී ඝාතනය කර පුළුස්සා තිබුණි.
ඊට සම්බන්ධ සැකකරුවන් සිය දෙනෙකු පමණ මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලාංකිකයා පුලුස්සා දැමූ සිකුරාදා සිය ජාතිය අවඥාවට ලක් කළ දිනයක් ලෙසින් හඳුන්වන පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්, වැරදිකරුවන් සියලු දෙනාට නීතිය ප්‍රකාර උපරිම දඬුවම් දෙන බවට සපත කර ඇත.