ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගෑස් සිලින්ඩර: ගෑස් කාන්දුවකදී, පිපිරීමකදී හෝ ගිනි ගැනීමකදී අනුගමන කළ යුතු මේ නිවැරදි පිළිවෙත් ඔබ දන්නවාද ?
ගෑස් සිලින්ඩර භාවිතයේදී ගිනි ගැනීම්, පිපිරීම් සහ ගෑස් කාන්දු වීම් මේ දිනවල නිතර අසන්නට ලැබේ.
එවන් අවස්ථාවක කළ යුතු සහ නොකළ යුතු දේවල් පිළිබඳව ඔබ දන්නවාද ?
ගෑස් සිලින්ඩරයක් මිළදි ගත පසු නිවසට රැගෙන එන නිවැරදි ක්‍රමය, ගෑස් කාන්දුවක් හඳුනා ගන්නා ආකාරය, ගෑස් කාන්දුවක් හෝ ගින්නක් ඇති වන්නේ නම් අනුගමනය කළ යුතු නිවැරදි ක්‍රියාමාර්ග මෙන්ම ගෑස් ලිප දැල්වීමේදී ඇතැමුන් අනුගමනය කරන වැරදි පිළිවෙත් ගැන මෙහිදී විස්තර කෙරේ.
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ පුහුණු කිරීමේ නිලධාරී, යූ.එස් කලන්සුරිය බීබීසීය සමග එක්ව ඉදිරිපත් කරන මේ තොරතුරු ඔබගේ පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් සමග බෙදා ගැනීම බොහෝ අනතුරු වළක්වා ගැනීමට හේතුවිය හැකිය.