ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගෑස් සිලින්ඩර අනතුරු ගැන ඇමති පාර්ලිමේන්තුවට කියපු කතාව
මේ දිනවල වාර්තා වෙන ආකාරයේ සිදුවීම් 233ක් 2015 සිට වාර්තා වී ඇතැයි සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද (නොවැම්බර් 29) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එහෙත් වර්තමානයේදී කෙටි කාලයක් තුළ එවැනි සිදුවීම් වාර්තා වීම ගැන විශේෂ අවදානය යොමු කළ යුතුව ඇතැයි පැවසු ඔහු පෙන්වා දුන්නේ මේ පිළිබඳව තවම අවසන් තීරණයක් ගත නොහැකි බවයි.
ගෑස් නියාමනය විවිධ ආයතනවලට පැවරී තිබුණ ද කිසිඳු රාජ්‍ය ආයතනයක් එම වගකීම ඉටුකර නොමැති බව ද ඔහු කියා සිටියේය.