අයවැය 2022: ජනතාව ඉදිරිපත් කරන මෙම ඉල්ලීම් අතර ඔබේ යෝජනාත් තිබේද ?

වීඩියෝ ශීර්ෂ වැකිය, බැසිල් රාජපක්ෂ හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය යෝජනාවලට ඔබේ ඉල්ලීම් ඇතුළත් වෙයිද?
Published

2022 වසර සඳහා නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැය යෝජනා සහ අයවැය කතාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කොවිඩ් 19 රෝගය පැතිරීමත් සමග අදායම් මාර්ග අවහිර වීම සහ භාණ්ඩ මිළ ඉහළ යෑම වැනි කරුණු මත තමන් අයවැයෙන් සහන අපේක්ෂා කරන බව බොහෝ දෙනා බීබීසීයට පැවසූහ.

එහෙත් රටේ පවතින ආර්ථික තත්ත්වය මත සහන ලබා දීමේ ගැටලු ගැන දැනටමත් රජයේ පාර්ශවයෙන් අදහස් පළව තිබේ.

බීබීසීය සමග අදහස් පළ කළ ජනතාව ඉදිරිපත් කළ ඉල්ලීම් අතර ඔබේ ඉල්ලීමත් තිබේද ?