කොවිඩ් 19 : එන්නත් දෙකම නොගත් අය පොදු ස්ථානවලට ඇතුළුවීම වැළැක්වීමේ නීතියක් ගෙන ඒමට නීතිපතිවරයාගේ අනුමැතිය

වීඩියෝ ශීර්ෂ වැකිය, එන්නත් දෙකම නොගත් අය පොදු ස්ථානවලට ඇතුළුවීම වැළැක්වීමේ නීතියට අනුමැතිය
Published

එන්නත් දෙකම නොගත් අය පොදු ස්ථානවලට ඇතුළුවීම වැළැක්වීමේ නීතියක් ගෙන ආ හැකි බවට නීතිපතිවරයාගේ අනුමැතිය ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳුදා (නොවැම්බර් 08) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

එය ක්‍රියාත්මක කිරිමේදී ඇතැමුන් අධිකරණයට යා හැකි වුව ද එය ක්‍රියාත්මක කිරීමට උත්සහ කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.