පොහොර අර්බුදය ; රසායනික පොහොර දෙන්න බලධාරීන්ට නුවණ පහළ වේවායි පතමින් දේව කන්නලවුවක්

වීඩියෝ ශීර්ෂ වැකිය, පොහොර අර්බුදය ; රසායනික පොහොර දෙන්න නුවණ පහළ වේවායි පතමින් දේව කන්නලවුවක්

වී වගාව ආරම්භ කිරීම සඳහා රසායනික පොහොර ලබා දීමට බලධාරීන්ට නුවණ පහළ වේවායි ප්‍රර්ථනා කරමින් පොළොන්නරුව, වැලිකන්දේ දී ගොවීහු දේව කන්නලවුවක් සිදු කළහ.

ඉරිදා (ඔක්තෝම්බර් 24) රාත්‍රියේ වැලිකන්ද, රිදීපොකුණ මංසන්ධියේ පැවති එම විරෝධතාවයට නෙළුම්වැව සහ රිදීපොකුණ අවට ගොවීහු සහභාගී වුහ.

මේ අතර කැබිතිගොල්ලෑවේදී ගොවීන්ට කාබනික පොහොර බෙදා දීමට රජය කටයුතු කර තිබුණි.