කොවිඩ් 19: මරණයට ළං වී යළි ජීවත්වීමේ වාසනාව ලද තරුණියකගේ අත්දැකීම්

වීඩියෝ ශීර්ෂ වැකිය, කොවිඩ් 19; මරණයට ළං වී යළි ජීවත් වෙන්න වාසනාව ලද තරුණියකගේ අත්දැකීම්

කොවිඩ් 19 රෝගයට ගොදුරු වීම නිසා ඉතා අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලබන අතරතුර නිකුත් කළ වීඩියෝවක් නිසා නිශා කරුණාදාස පසුගිය දිනවල සමාජයේ වැඩි අවධානයට ලක් වුවාය.

දින 12ක් වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් පසු සුවය ලැබූ ඇය දැන් නිවසට පැමිණ සිටින්නීය.

මරණාසන්න මොහොතක තමන් ලද අත්දැකීම් අන් අයගේ යහපත උදෙසා බෙදා ගැනීමට ඇය බීබීසී සිංහල සේවයට කැමැත්ත පළ කළාය.

කොවිඩ් රෝගය තමන්ට මිනිසුන් පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට හේතු වූ බවත් මේ අවස්ථාවදී කිසිවෙකුට දොස් පැවරීමට වඩා තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කළ යුතු බවත් ඇය පැවසුවාය.

මේ ගැනත් කියවන්න: