ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ COVID 19: ඇඳන් යට සහ බිම නිදන රෝගීන් ගැන පවිත්‍රාගේ විග්‍රහය
කොවිඩ්-19 රෝගීන් වැඩිවීමත් සමග රෝහල් කොරිඩෝවල සහ බිම වැතිර සිටින රෝගීන් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ දර්ශන සහ ඡායාරූප සංසරණය වෙමින් පවතී.
ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ද බිම වැතිර සිටින දර්ශන දක්නට ලැබේ.
සෞඛ්‍ය අමාත්‍යවරිය පවසන්නේ රාගම රෝහලේ, පළමුව රෝගීන් ඇතුළත් කරන වාට්ටුවේ තත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල දක්නට ලැබෙන බවයි. ඒ තත්වය සොයා බැලීම සඳහා ඇය අගෝස්තු 04 වැනිදා රාගම රෝහලේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූවාය.
එක් ස්ථානයක දක්නට ලැබෙන සිදුවීමක් පදනම් කරගෙන සමස්තය නිගමනය කළ නොහැකි අතර රෝගී සත්කාර සේවය සඳහා රජය උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ඇය සඳහන් කළාය.
කියවන්න: