ශ්‍රී ලංකාවේ COVID 19: ඇඳන් යට සහ බිම නිදන රෝගීන් ගැන පවිත්‍රාගේ විග්‍රහය

වීඩියෝ ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ COVID 19: ඇඳන් යට සහ බිම නිදන රෝගීන් ගැන පවිත්‍රාගේ විග්‍රහය

කොවිඩ්-19 රෝගීන් වැඩිවීමත් සමග රෝහල් කොරිඩෝවල සහ බිම වැතිර සිටින රෝගීන් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ දර්ශන සහ ඡායාරූප සංසරණය වෙමින් පවතී.

ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ද බිම වැතිර සිටින දර්ශන දක්නට ලැබේ.

සෞඛ්‍ය අමාත්‍යවරිය පවසන්නේ රාගම රෝහලේ, පළමුව රෝගීන් ඇතුළත් කරන වාට්ටුවේ තත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල දක්නට ලැබෙන බවයි. ඒ තත්වය සොයා බැලීම සඳහා ඇය අගෝස්තු 04 වැනිදා රාගම රෝහලේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූවාය.

එක් ස්ථානයක දක්නට ලැබෙන සිදුවීමක් පදනම් කරගෙන සමස්තය නිගමනය කළ නොහැකි අතර රෝගී සත්කාර සේවය සඳහා රජය උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ඇය සඳහන් කළාය.

කියවන්න: