කොරෝනා වෛරසය: 'යුක්රේන සංචාරකයන්ට මුහුණු ආවරණ පැළඳීමේ නීතිය වලංගු නැති ද?'
යුක්‍රේනයේ සිට තවත් සංචාරකයන් 97 දෙනෙකු සඳුදා (ජනවාරි 04) ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඒ අනුව 2020 දෙසැම්බර් 28 සිට මේ දක්වා අවස්ථා හතරකදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති යුක්‍රේන සංචාරකයන් ගණන 660කි.
ඔවුන් අතුරින් කිහිපදෙනෙකු කෝවිඩ්-19 රෝගීන් බවට හඳුනාගෙන ඇති අතර යාල සංචාරයට එක්වූ සෆාරි ජීප් රථ රියදුරන් 28 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇත. එමෙන්ම යුක්‍රේන සංචාරකයන් සීගිරිය නැරඹීමට තිබූ ගමන ද අවලංගු කෙරුණි.
මේ අතර ශ්‍රී ලංකාවට පැමිණි යුක්‍රේන සංචාරකයන් අතරින් බොහෝ දෙනෙකු මුහුණු ආවරණ පැළඳ නොසිටීම ගැන සමාජයේ බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.
නිෂ්පාදනය/ සංස්කරණය: ෂර්ලි උපුල් කුමාර
මේ ගැනත් දැනගන්න: