කොරෝනාවෛරසය: මුහුණු ආවරණ පළඳින නිවැරදි ක්‍රමය
පවතින වසංගත තත්ත්වය හමුවේ මුහුණු ආවරණ පැළඳීම ආරක්ෂාකාරී හා ඇතැම්විට අනිවාර්ය පිළිවෙතක් වුව ද සමාජයේ ඇතැමුන් මේ සම්බන්ධයෙන් පළකරන්නේ උදාසීන බවකි. ඇතැමෙක් මුව ආවරණය පැළඳුවද නාසය විවෘතය, නොඑසේ නම් මුහුණු ආවරණය ඇත්තේ ගෙල පෙදෙසේය.
කොරෝනාවෛරසය තවදුරටත් පැතිරයාම පාලනය සඳහා නිවැරදි ලෙස මුහුණු ආවරණ භාවිතය ඉතා වැදගත් වන බව කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යාණි සොයිසා අවධාරණය කරන්නීය.
නිවැරදි ලෙස අත් පිරිසිදු කිරීමෙන් පසුව මුහුණු ආවරණ පැළඳීම, නිතර දෑත් පිරිසිදු කර ගැනීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යෑම යන යහපත් සෞඛ්‍ය පුරුදු කොරෝනාවෛරසය තවදුරටත් පැතිර යෑම වළක්වා ගැනීම සඳහා ඉතා වැදගත් බව සෞඛ්‍ය නිර්දේශවල සඳහන් වේ.
මෙම තොරතුරු ද දැනගන්න: