හෝර්ටන් තැන්නට 'අලුත් පාරක්' විවෘත කිරීමේ උත්සහයක්

වීඩියෝ ශීර්ෂ වැකිය, හෝර්ටන් තැන්නට 'අලුත් පාරක්' විවෘත කිරීමේ උත්සහයක්

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට බලන්ගොඩ දෙසින් නව ප්‍රවේශ මාර්ගයක් විවෘත කිරීමට උත්සහ කරන බව ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.

සංචාරකයන්ට 'නොන්පරේල් වතුයාය' (සාමාන්‍ය ව්‍යවහාරයේ 'නන්පේරියල් වතුයාය' - Nonpareil Estate) හරහා නැග්රැක් දක්වා වාහන වලින් ගොස් එතැන් සිට පා ගමනින් ලෝකාන්තය දක්වා යෑමට මෙමගින් සැලසුම් කර ඇත.

පට්ටිපොළ සහ ඔහිය දෙසින් මාර්ග දෙකක් ඔස්සේ දැනටමත් හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට පිවිසීමට ඉඩ සලසා තිබේ.

එබැවින් තවත් පිවිසුමක් අවශ්‍ය නොවන අතර එය 'විනාශයේ දොරටුවක්' විය හැකි බවට පරිසරවේදීන් අනතුරු අඟවා ඇත.

මේ ගැනත් කියවන්න: