ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ සමූහ ව්‍යාපාර ජාලයක පළමු ප්‍රධාන විධායක නිලධාරිනිය
කණ්ඩායමේ සාමාජිකයන්ගේ දක්ෂතා නිසි ලෙස හඳුනාගෙන ඔවුන් නිසි පරිදි මෙහෙයවීම තමන්ගේ සාර්ථකත්වයේ රහස බව, කොටස් වෙළඳ පොලේ ලැයිස්තුගත ව්‍යාපාර සමූහයක ප්‍රධාන විධායක නිලධාරි ධුරයට පත්වන පළමු කාන්තාව වන කස්තුරි චෙල්ලරාජා විල්සන් බීබීසී සිංහල සේවයට කියා සිටියාය.
ආර්ථික අභියෝග මැද අධ්‍යාපනය ලැබූ ආකාරය, ක්‍රීඩාවේ දී මුහුණ දුන් අත්දැකීම්, පුද්ගලික ජීවිතයේ අභියෝග වලට මුහුණ දුන් ආකාරය සහ වෘත්තීය ජිවිතයේ සාර්ථකත්වය කරා පැමිණි ගමන් මග ඇය බීබීසීය ට විස්තර කළා ය.
1989දී ශ්‍රී ලංකා බාස්කට් බෝල් කණ්ඩායමේ නායිකාව වූ ඇය දැල් පන්දු කණ්ඩායම ද නියෝජනය කිරීමේ වරම් ලද අතර ක්‍රීඩාව තුළින් ලද අත්දැකීම් ව්‍යාපාර පරිපාලනයේ ඉහළට යාමට උපකාරී වූ බව ඇය කියා සිටින්නීය.
මේ වන විට හේමාස් හෝල්ඩ්ංග්ස් පී.එල්.සී ව්‍යාපාර ජාලයේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ලෙස ක්‍රියා කරන ඇය 2020 ඔක්තෝබර් 01 සිට නව ධුරයේ වැඩ ආරම්භ කිරීමට නියමිතව තිබේ.
තවත් ලිපි: