ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ
ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි කෙටි සංචාරයක් සඳහාඉරිදා (ජුනි 09) මධ්‍යාහ්නයෙහි ශ්‍රී ලංකාවට ළඟා විය.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවට සැපත් පළමු රාජ්‍ය නායකයා ඔහුය.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දිවයිනට සැපත් අසල්වැසි රාජ්‍ය නායකයා පිළිගැනීමේ අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු මැතිඇමතිවරු ගණනාවක් සහභාගී වූහ.
ඉන් අනතුරුව දැඩි ආරක්ෂක රැකවරණ මැද කොළඹ නගරයට ළඟා වු ඉන්දීය අගමැතිවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පිළිගනු ලැබුණි.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව බොහෝ රටවල් ඔවුන්ගේ රටවැසියන්ට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංචාරක උපදෙස් ප්‍රකාශයට පත්කර ඇති පසුබිමක ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය විශේෂ වැදගත් කමක් ගනී.
ඉන්දියාවේ පසුගියදා පැවති මහ මැතිවරණයෙන් දෙවන වරටත් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලද අගමැති නරේන්ද්‍ර මෝදි ඉන් අනතුරුව කළ පළමු විදේශ සංචාරයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවට සැපත් විය.
ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේ මාලදිවයිනේ නිල සංචාරයකින් පසුවය.
මෙය අගමැති මෝදිගේ තුන්වෙනි ශ්‍රී ලංකා සංචාරයයි.
ඉන්දියාවේ අගමැති පදවියට පත්වීමෙන් අනතුරුව 2015 වසරේ දී ඔහු පළමු වරට ශ්‍රී ලංකාවට ලඟා විය.
ඉන් අනතුරුව ඔහු දෙවන වතාවට ශ්‍රී ලංකාවට ලඟා වුණේ 2017 වසරේ ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගී වීම සඳහාය.