"අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න එපා" - බ්‍රිතාන්‍යය අනතුරු අඟවයි

Eight Britons died in the attacks: Alex, Anita and Annabel Nicholson, Daniel and Amelie Linsey, Dr Sally Bradley and Bill Harrop, and Lorraine Campbell (clockwise from top left)

අත්‍යවශ්‍ය කරුණකට හැරුණු කොට වෙනත් ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවේ සංචාරයේ නොයෙදෙන ලෙස එක්සත් රාජධානිය සිය පුරවැසියන්ට උපදෙස් දී ඇත.

එක්සත් රාජධානියේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය ඒ බව නිවේදනය කළේ තුන්සිය පනස් දෙනෙකුට අධික පිරිසකට මරු කැඳවමින් පසුගිය පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් අනතුරුවය.

විදේශිකයන් නිතර ගැවසෙන ස්ථාන ඇතුළුව ඉවක් බවක් නොමැතිව ප්‍රහාර එල්ල කිරීමට ත්‍රස්තවාදීන් බොහෝ විට උත්සාහ ගැනීමට ඉඩ ඇති බවට එක්සත් රාජධානියේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය අනතුරු අඟවයි.

සියලුම දේව මෙහෙයන් නවතා දමන බව ශ්‍රී ලංකාවේ කතෝලික සභාව නිවේදනය කර තිබෙන අතර, තවත් ප්‍රහාර එල්ලවනු ඇතැයි තමන්ට බියෙන් දිවි ගෙවීමට සිදු වී තිබෙන බව බොහෝ ශ්‍රී ලංකාවාසීහු පවසති.

මේ අතර විශේෂ නිවේදනයක් නිකුත් කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය මියගිය සංඛ්‍යාව ආසන්න වශයෙන් 253 ක් පමණ වන අතර "මාධ්‍යයේ පළ වූ ආකාරයට මළ සිරුරු සංඛ්‍යාව 359 නොවෙයි," යනුවෙන් ද සඳහන් කරයි.