දේවස්ථාන සහ හෝටල්වල පිපිරීම්: ඒ ඒ ප්‍රදේශවලින් වාර්තා වන මරණ සංඛ්‍යාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කොළඹ. මීගමුව සහ මඩකලපුවේ ඉරිදා සිදුවූ පිපිරීම්වලට හසුව මරණයට පත් සංඛ්‍යාව 207 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය පවසයි.
නිල වාර්තාවලට අනුව තුවාල ලැබූ සංඛ්‍යාව 450 කි.
පහත දැක්වෙන්නේ ඒ ඒ ප්‍රදේශවලට අයත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන පුද්ගලයන් සහ මරණයට පත් වුවන් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයකි.
සුළු තුවාල ලැබූවන් ප්‍රතිකාර ගෙන රෝහල්වලින් පිටවී ඇති බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉහත කී රෝහල්වල ආරක්ෂාව තර කර ඇති බව සඳහන් කරයි.
මරණයට පත් අය කවුරුන්ද?
පොලිස් නිලධාරීන් - 03 (කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් ඒ අතර වෙති. ඔවුන් මරණයට පත් වූයේදෙමටගොඩ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් පරීක්ෂා කරමින් සිටියදී ඇති වූ පිපිරීමකිනි.)
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරන පරිදි විදේශිකයන් 09 දෙනෙකු මරණයට පත්ව ඇති අතර අතුරුදහන් වී සිටින පිරිස 05 කි.
කෙසේ නමුත් මරණයට පත් සහ තුවාල ලැබූ විදේශිකයන් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් සඳුදා ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටී.
මරණයට පත් වූ විදේශිකයන් අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් ද සිටින බව ශ්‍රී ලංකාවේ සිටින බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා පවසයි.
අත්අඩංගුවට පත් පිරිස
දෙමටගොඩ පිපිරීම සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් තිදෙනාම ශ්‍රී ලාංකික පුරවැසියන් බව පොලිසිය පවසයි.
මේ අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මීට ඉහතදී කියා සිටියේ කොළඹ, මීගමුව සහ මඩකලපුවේ පිපිරීම් සම්බන්ධයෙන් සැක පිට හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.








