ගෝඨාභය රාජපක්ෂ "හිට්ලර් කෙනෙක් වෙන්න": වෙඬරුවේ උපාලි අනුනාහිමියන්ගේ ප්‍රතිචාරය

ගොටාභය රාජපක්ෂ භික්ෂුන් වහන්සේට දානය පිළිගන්වමින්

ඡායාරූප මූලාශ්‍රය, facebook/ gotabaya rajapaksa

ශ්‍රී ලංකාවේ මීළඟ විධායක ජනාධිපති ලෙසින් තේරී පත්වුවහොත් "හිට්ලර් කෙනෙක් වෙලා හරි" රටේ නිසි පාලනයන් පවත්වාගෙන යන මෙන් අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි අනුනාහිමියන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත කළ අනුශාසනයක් ප්‍රබල සංවාදයකට තුඩු දී තිබේ.

"ඔබතුමා හිට්ලර්වරයෙක් විදියටත් හඳුන්වල තියෙනව. ඉතින් අපි මතක් කරනවා හිට්ලර් කෙනෙක් වෙලා හරි මේ රට හදන්න කියන එක තමයි මහා සංඝරත්නය අවසාන වශයෙන් මතක් කරන්නේ," යනුවෙන් වෙඬරුවේ උපාලි අනුනාහිමියන් අනුශාසනා කරන අන්දම බොහෝ ජනමාධ්‍ය ප්‍රචාරය කර තිබුණි.

බදාදා හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ උපන්දිනය වෙනුවෙන් පැවැත්වුණු සාංඝික දානයකදී එහිමියන් එම අනුශාසනය කරන අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු කතානායක චමල් රාජපක්ෂ සහ දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද එයට සහභාගි වී සිටියහ.

වීඩියෝ ශීර්ෂ වැකිය, "බෞද්ධ භික්ෂුවකට දරුණු පාලනයක් යෝජනා කරන්න බෑ"

එහිදී දීර්ඝ අනුශාසනයක් කළ අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියෝ, "මිලිටරි පාලනයක් හරි අරගෙන ගිහින් මේක හදන්න කියල නැවතත් මතක් කරනවා," යනුවෙන් ද සඳහන් කළහ.

එහිමියන්ගේ එම ප්‍රකාශය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි විවේචනයට ලක්වෙමින් පවතී.

දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක එය විග්‍රහ කර තිබුණේ මෑත යුගයේ තමන්ට අසන්නට ලැබුන "භයානකම සහ ලැජ්ජා සහගතම" ප්‍රකාශය ලෙසිනි.

ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් සිවුරකින් සැරසී සිටින ආකාරය දැක්වෙන නිර්මාණය කරන ලද ඡායාරූපයක් ඇතුළු විවිධ ආකාරයට නිර්මිත ඡායාරූප, කාටුන් ඇතුළු 'මෙමේ' සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

තවත් කියවන්න:

කෙසේ වුවත් එම ප්‍රකාශය පිළිබඳ බීබීසී සිංහල සේවය වෙඬරුවේ උපාලි අනුනායක ස්වාමීන්වහන්සේගෙන් විමසීමක් කළ අවස්ථාවේ එහිමියන් කියා සිටියේ සිය අනුශාසනය මගින් තමන් "එහෙම භයානක දෙයක් අදහස් නොකළ" බවය.

ආචාර්ය දයාන් ජයතිලකගේ ෆේස්බුක් පිටුවෙන්

ඡායාරූප මූලාශ්‍රය, facebook/ Dr Dayan Jayatilleka

දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සමූල ඝාතනය කළ, "සිත් පිත් නැති කුරිරු ඒකාධිපතියෙකු" ලෙසින් සමස්ත ලෝකය විග්‍රහ කරන ඇඩොල්ෆ් හිට්ලර් වැන්නකුගේ තිබිය හැකි යහපත් ගුණාංග කවරේ දැයි බීබීසී සිංහල සේවය විමසූ අවස්ථාවේ එහිමියන් කියා සිටියේ "එහෙම හානිකර පුද්ගලයෙක් නිර්මාණය කරන්න කියන එක නෙවෙයි කියන්නේ. රට, ජාතිය, ආගම කොයි විදියටද හැදෙන්න ඕන කියන එක තමයි අපි කියන්නේ" යනුවෙනි.

"මේ බොදු ජනතාවට යහපතක් වෙන විදියට දැහැමෙන්, සෙමෙන් වගේම අණ, බණ දෙකම තියෙන්න ඕන. අණ කියන එක හානිකර තත්වයක් නෙවෙයි. හොඳ තීන්දු අරගෙන රටට යහපතක් වෙන්නයි ඕන," එහිමියෝ සඳහන් කළහ.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

කෙසේ වුවත් ඇඩොල්ෆ් හිට්ලර් යනු දැහැමෙන් සෙමෙන් පාලනය ගෙන ගිය පාලකයෙකු නොවේ නේදැයි විමසූ විට අනුනායක හිමියන්ගේ ප්‍රතිචාරය වූයේ සිය අනුශාසනය පිළිබඳ දීර්ඝව අදහස් දැක්විය යුතු බැවින් එය දුරකථනයෙන් පැහැදිළි කළ නොහැකි බවය.

"අප අදහස් කරන පණිවුඩය මේ විදියට කියන්න අපහසුයි."

"මිලිටරි පාලනයකින් හෝ රට හදන මෙන්" කළ යෝජනාව පිළිබඳ අදහස් දැක්වූ වෙඬරුවේ උපාලි අනුනාහිමියෝ, බෞද්ධ භික්ෂුවක වශයෙන් තමන්ට දරුණු පාලනයක් හෝ "හිට්ලර් කෙනෙක් වෙන්න" හෝ යෝජනා කළ නොහැකි බැවින් සිය සම්පූර්ණ අනුශාසනාවේ අර්ථය වටහාගත යුතු බව සඳහන් කළහ.

"අපි කියන්නේ දහම පමණක් නොවෙයි, ටිකක් රටට හිතකර තීන්දු, තීරණ විදියට ගන්නවනම් හොඳයි කියන එක."

ඇඩොල්ෆ් හිට්ලර්

ඡායාරූප මූලාශ්‍රය, HULTON ARCHIVE/GETTY IMAGES

මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරුණේ සිය සම්පූර්ණ අනුශාසනාව නොවන පෙන්වාදෙන අනුනාහිමියෝ සිය සම්පූර්ණ අනුශාසනාව තුළ එවැනි "භයානක තත්ත්වයක් නැති," බව අවධාරණය කළහ.

එසේ නම් "හිට්ලර් කෙනෙක් වෙලා හරි" රටේ නිසි පාලනයක් පවත්වාගෙන යන මෙන් කළ අනුශාසනාව ගැන කණගාටුවක් තිබෙන්නේ දැයි බීබීසී සිංහල සේවය විමසන අවස්ථාවේ දුරකථනය විසන්ධි විය.

තවත් ලිපි: