ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා අල්ලස් දැලේ
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.කේ.මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී.දිසානායක අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
රුපියල් කෝටි දෙකක පමණ මූල්‍ය අල්ලසක් ලබා ගනිමින් සිටියදී රාජ්‍ය නිලධාරීන් දෙදෙනා අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන්ට කොටු වූ බව එම කොමිෂන් සභාවේ ආරංචි මාර්ගවලින් පැවසේ.
එම අල්ලස් ගැනීම සිදුව ඇත්තේ කොළඹ පිහිටි තරුපහේ හෝටලයකදීය.
අත්අඩංගුවට ගැනුණු අයි.කේ.මහානාම, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස මෑතදී පත්වීම් ලද රාජ්‍ය නිලධාරියෙකි.
එම පත්වීම ලැබීමට පෙර ඔහු ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ක්‍රියා කළේය.
ඉහත කී අල්ලස් මුදල ලබා ගැනීම කන්තලේ සීනි කම්හල ඉන්දියානු සමාගමකට පැවරීමට අදාළ ගනුදෙනුවක් යටතේ සිදුකර ඇති අතර, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මෑතදී අත්අඩංගුවට ගන්නා ලද ඉහළම රාජ්‍ය නිලධාරීන් දෙදෙනා මොවුන් බව පැවසේ.
ඉහත කී රුපියල් කෝටි දෙකක අල්ලස් මුදල ලබාගෙන තිබෙන්නේ රුපියල් කෝටි දහයක අල්ලසක කොටසක් හැටියට බවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.
සබැඳි පුවත්;