කීත් නෝයාර් පැහැරගැනීම: හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ අත්අඩංගුවට

WWW.ARMY.LK

ඡායාරූප මූලාශ්‍රය, WWW.ARMY.LK

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙනයාමේ සිද්ධියට අදාළව හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (අප්‍රේල් 05) අත්අඩංගුවට ගනු ලැබීය.

2008 වසරේ මැයි මස 22 වෙනිදා දෙහිවලදී පැහැරගත් එවක 'ද නේෂන්' පුවත්පතේ සංස්කාරවරයෙකු වශයෙන් කටයුතු කළ කීත් නෝයර්ට දරුණු ලෙස පහර දී වදදී තිබිණි.

එම සිද්ධියට අදාළව විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර අත්අඩංගුවට ගැනුණේ යුද හමුදා රෝහලට ඇතුළත්ව සිටියදී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර බීබීසී සිංහල සේවය වෙත තහවුරු කළේය.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයේ තවදුරටත් යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කීත් නෝයාර් පැහැරගෙන ගොස් හිංසනයට ලක්කිරීමට එරෙහි විරෝධතාවක්

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නෝයර් පැහැර ගෙන යෑම සහ පහර දීම සම්බන්ධයෙන් සැකපිට මිට පෙරද හමුදා නිලධාරියෙකු සහ සෙබළුන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණ.

පසුගිය පුවත්: