දිගන සහ තෙල්දෙණිය: හදිසි නීතිය ගැන මේ කරුණු දැන සිටියාද?

පුළුස්සා දැමු යතුරු පැදියක්

ශ්‍රී ලංකාව පුරා හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිවේදනය කළේය.

ඒ අනුව අපරාධකාරී කොටස් මැඩ පැවැත්වීමට මෙන්ම වහාම සමාජය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පොලිසිය මෙන්ම ආරක්ෂක හමුදා ද සුදුසු පරිදි බලගැන්වෙන බව ජනාධිපති කාර්යාලය නිකුත්කළ නිවේදනයක දැක්වේ.

ඒ කෙතරම් කාලයක් සඳහා ද යන්න සහ කවර කොන්දේසි යටතේ ද යන්න ඇතුළු කරුණු සම්බන්ධ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් අඟහරුවාදා (මාර්තු 06) රාත්‍රියේ ප්‍රකාශයට පත්කරනු ඇතැයි අපේක්ෂිතය.

ඊට පෙරාතුව පාර්ලිමේන්තුව ඇමතූ නීතිය හා සාමය භාර අමාත්‍යවරයා ද වන අගමැති රනිල් වික්‍රමසිංහ, අම්පාර, තෙල්දෙණිය සහ දිගන ප්‍රදේශවල ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කළේය.

''දේශපාලන බල තණ්හාවෙන් සිටින ඇතැම් කොටස්" රටේ ජනජීවිතය කඩාකප්පල් කිරීමට උත්සාහ දරමින් සිටින බව පැවසූ අගමැතිවරයා, "ඔවුන්ගේ එකම තුරුම්පුව ජාතිවාදය ඇවිස්සීම," බවට ද චෝදනා කළේය.

"එක කණ්ඩායමක් සමාජ මාධ්‍ය හරහා සැලසුම් සහගතව පසුගිය මාස 09 තුළ මුස්ලිම් ජාතියෙන් සිංහල ජාතියට තර්ජනයක් සිදුවන බවට ප්‍රචාරයක් සිදු කර තිබෙනවා," යනුවෙන් ද අගමැතිවරයා පැවසීය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

තවත් කියවන්න:

හදිසි අවස්ථාව යනු කුමක්ද?

රටේ ආරක්ෂාව, පැවැත්ම සහ සාමය පවත්වා ගැනීම සම්බන්ධයෙන් බරපතල තත්වයක් පවතින්නේ යයි විශ්වාස කරන අවස්ථාවක 1948 මහජන ආරක්ෂක පනතේ දෙවැනි කොටස ක්‍රියාවට නැගීමට විධායකයට බලය පැවරෙන බව මානව හිමිකම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් පෙන්වා දුන්නේය.

එසේ මහජන ආරක්ෂක පනත ක්‍රියාවට නැගීම හදිසි නීතිය පැණවීම ලෙසින් විග්‍රහ කෙරෙන අතර, කිසියම් රටක හදිසි නීතිය ක්‍රියාත්මක වන තත්වය 'හදිසි අවස්ථාවක්' ලෙසින් විග්‍රහ කෙරේ.

එලෙස හදිසි අවස්ථාවක් ක්‍රියාත්මක වනවිට සාමාන්‍ය නීතිය යටතේ පුරවැසියන්ට හිමිවන බොහෝ අයිතිවාසිකම් සීමා කිරීමේ බලය විධායකය සතුවන බව ද නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ සඳහන් කළේය.

එසේ විශේෂයෙන් සීමාකරනු ලබන අයිතීන් කවරේ දැයි ආණ්ඩුව මෙතෙක් නිවේදනය කර නැති අතර, රටේ පවතින තත්වය පැහැදිලි කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇත.

ප්‍රහාරවල හානිය
ගැටුම්වලින් හානි

හදිසි නීතිය යටතේ සීමාවන අයිතීන්

මානව හිමිකම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ නීතිවේදී එස්.ජී පුංචිහේවා පෙන්වාදෙන පරිදි, ඉතාමත් හදිසි අවස්ථාවක් පැන නැගුනු අවස්ථාවක පණවනු ලබන හදිසි නීතිය මගින් සිදුකරනු ලබන්නේ "ඒ තත්වය මැඩපැවැත්වීම සඳහා නීතිය සහ හමුදාව යොදාගැනීම පිණිස බලය ලබාගැනීමය."

"ඒ කියන්නේ කොටින්ම හමුදාවට වෙඩි තියන්න බලය දෙනවා කියන එක," ඔහු පැවසීය.

"අනික ඒ වෙලාවට නීතිය අර්ථ නිරූපනය කරන්නේ හමුදාව සහ පොලිසිය," ජ්‍යෙෂ්ඨ නීතිවේදී එස්.ජී පුංචිහේවා බීබීසී සිංහල සේවයට පැවසීය.

එබැවින් ඔහු පවසන පරිදි හදිසි නීතිය යටතේ පොලිසිය සහ ආරක්ෂක අංශ මගින් සිදු කරනු ලබන වැරදි "සැඟවී යන" බව බොහෝ විට දක්නට ලැබෙන තත්වයකි.

ඒ පිළිබඳව තවදුරටත් විග්‍රහ කරමින් ජ්‍යෙෂ්ඨ නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ බීබීසී යට කියා සිටියේ, රටක පැවැත්ම අතින් ප්‍රබල තර්ජනයක් මතු වී තිබෙන මොහොතක සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම ICCPR යටතේ සහතික කරනු ලැබ තිබෙන අයිතිවාසිකම් අහෝසි කිරීමට එමගින් විධායකයට බලය පැවරෙන බවය.

මහනුවර කෝලාහල

ඒ අනුව වධ බන්ධන පැණවීම ඇතුළු කරුණු කිහිපයක් හැරුණු විට ICCPR ගිවිසුම යටතේ සහතික කරනු ලැබ තිබෙන සියලු හිමිකම් හදිසි නීතිය යටතේ සීමා කෙරෙන බව ඔහු පෙන්වා දෙයි.

නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ පවසන පරිදි,

  • සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා උප පොලිස් පරීක්ෂකවරයෙකුගෙන් ඉහළ පොලිස් නිලධාරීන්ට බලය හිමිවීම
  • සැකකරුවන්ගේ පාපොච්ඡාරණ සාක්ෂි ලෙසින් යොදාගැනීමේ හැකියාව
  • සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළු නීතිය හා සාමය රැකීමේ බලතල ආරක්ෂක හමුදාවලට පැවරීම
  • රැස්වීම පැවැත්වීම සීමා කිරීම
  • නීතිපතිවරයාගේ අවසරයකින් තොරව සැකකරුවන්ට ඇප ලබාදීමේ හෝ නිදහස් කිරීමේ බලය මහේස්ත්‍රාත්වරුන්ට අහිමිවීම
  • මෙන්ම ආරක්ෂක ඇමතිවරයා නිකුත් කරන රඳවා ගැනීමේ නියෝග මත සැකකරුවන් රඳවා ගැනීමේ බලය

ඒ අතර විශේෂයෙන් සඳහන් කළ හැකිය.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

ඔබ දැන සිටිය යුතු කරුණු

ජනාධිපතිවරයා විසින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබෙන්නේ ජනකොටස් අතර ගැටුම් පැතිරයාම වැළැක්වීමේ අදහසින් බැවින් එය "හොඳ දෙයක්" බව ජ්‍යෙෂ්ඨ නීතිවේදී එස්ජී පුංචිහේවාගේ අදහස් වී තිබේ.

කෙසේ වුවත් "රංචු ගැසී කෝලාහල ඇතිකිරීම" කලබල ඇතිකෙරෙන ආකාරයේ "කට කතා පැතිරවීම" සහ "අවි ආයුධ භාවිත කිරීම" වැනි කරුණු හැරුණු විට රටේ සාමාන්‍ය ජන ජීවිතයට එමගින් ප්‍රබල බලපෑමක් එල්ල නොවන බව ද ඔහු පෙන්වා දෙයි.

"සාමාන්‍ය ජන ජීවිතයට කිසිම බාධාවක් නෑ. වෛරය පැතිරවීම හැරුනම, භාෂණයේ නිදහසට කිසිම බාධාවක් නෑ."

වීඩියෝ ශීර්ෂ වැකිය, Theldeniya

විශේෂයෙන්ම හදිසි නීතිය යටතේ පැනවෙන කොන්දේසි කවරේ දැයි යන්න ජනපතිවරයා විසින් ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කළ යුතු බවත් ජ්‍යෙෂ්ඨ නීතිවේදියා සඳහන් කළේය.

වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ බීබීසී සිංහල සේවයට කියා සිටියේ, ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් පළ කිරීමේ හෝ ආණ්ඩුව විවේචනය කිරීමේ අයිතිය හදිසි නීතිය මගින් කිසිදු ආකාරයකින් අහෝසි නොකෙරෙන බවය.

බීබීසී සිංහල සේවයට කරුණු පැහැදිලි කළ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර ද කියා සිටියේ, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යජාල හරහා ජාතිවාදී මෙන් ම අවලාද පතුරුවන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවය.

මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ පවසා තිබුණේ අවශ්‍ය වන්නේ නම් "තවත් පියවර ගැනීමට" පවා ආණ්ඩුව පසුබට නොවන බවය.

තවත් කියවන්න: