සයිටම් ප්‍රශ්නය විසඳීමට අලුත් ආයතන දෙකක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සයිටම් අර්බුදය විසඳීම සඳහා නව ආයතන දෙකක් පිහිටුවන මෙන් එම ගැටළුව විසඳීම සඳහා පත්කරන ලද නව පුද්ගල කමිටුව නිර්දේශ කරයි.
එම නව ආයතන දෙක සහ ඒවාට පැවරෙන කාර්යයන් විස්තර කෙරෙන මාධ්‍ය නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධනගේ නමින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
එම නිවේදනය මගින් විස්තර කෙරෙන ආකාරයට එකිනෙකින් වෙන් වූ අභිනව ආයතන දෙක වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප්‍රමිතීන්ට අනුකූල විය යුතුය.
යෝජිත නිර්දේශ අනුව මෙයින් එකක් වන්නේ සයිටම් ආයතනයේ හිටපු සියලුම වෛද්‍ය සිසුන් බඳවා ගනිමින් සහ වගකීම් පවරා ගනිමින් සයිටම් අහෝසි කිරීම සඳහා ස්ථාපිත කරනු ලබන ලාභ නොලබන තාවකාලික ආයතනයකි.
සයිටම් ආයතනයේ වර්තමාන අවසන් වෛද්‍ය සිසුන් කණ්ඩායම උපාධි ලබාගත් පසුව ඊට අලුතින් සිසුන් බඳවා නොගනී.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනය පවසන පරිදි සයිටම් ආයතනයේ වර්තමාන අවසන් වෛද්‍ය සිසුන් කණ්ඩායම උපාධිය ලබාගත් පසුව මෙම ආයතනයේ මෙහෙයුම් කටයුතු අවසන් කරන වනු ඇත.
සයිටම් අහෝසි කිරීම සඳහා පිහිටුවනු ලබන එම ආයතනයේ වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව අවශ්‍ය අවම ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් අනුමත කළ යුතු බවත් එම නිවේදනයේ දැක්වෙයි.
දෙවැන්න; 2019 වසරේ පටන් සිසුන් බඳවා ගැනීම සඳහා පිහිටුවනු ලබන ලාභ නොලබන නව ආයතනයකි.
2019 වසරේ පටන් වෛද්‍ය සිසුන් බඳවා ගැනීම සඳහා පිහිටුවනු ලබන එම දෙවන ආයතනය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලද යුතු අතර ඒ සඳහා එම ආයතනය අවශ්‍ය අවම ප්‍රමිතීන් සපුරා ලිය යුතු බව අදාළ නිවේදනයේ දැක්වෙයි.
ඉහත කී ආයතන දෙකම කටයුතු කරන්නේ ලාභ ලැබීම පෙරදැරි කර නොගෙනයි.

ඡායාරූප මූලාශ්‍රය, President office.lk
2019 වසරේ පටන් ක්‍රියාත්මක වෙන දෙවන ආයතනය "ඇපයෙන් තොර සමාගමක්" විය යුතු අතර එම ආයතනය සිසුන්ගෙන් ගාස්තුවක් අය කළත් අතිරික්ත ආදායමක් වේනම් එය ආයතනයේ සංවර්ධනය, පර්යේෂණ සහ ශිෂ්‍යත්ව සඳහා යොදවන ලෙස යෝජනා කොට ඇත.
මෙම වැඩ පිළිවෙළ ක්‍රියාවට නැංවීම මගින් වත්මන් සයිටම් ආයතනයට එරෙහිව ඉදිරිපත් වූ ප්‍රධාන ගැටළුවලට විසඳුම් ලැබෙන බව එම ගැටළුව විසඳීම සඳහා පත් කරන ලද නව පුද්ගල කමිටුව ප්‍රකාශ කර ඇත.
මේ අතර නෙවිල් ප්‍රනාන්දු රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පත් කෙරෙන අතර එමගින් රාජ්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍රයට රුපියල් කෝටි 320 ක් පමණ වටිනා වත්කමක් එක්වෙන බවත් දැක්වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, dailyne.lk
එම යෝජනාවලට ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ සභාපතිත්වයෙන් යුත් නව පුද්ගල කමිටුවේ සාමාජිකයන් සියලු දෙනාම ඒකමතිකව එකඟ වූ බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධනගේ නමින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති නිවේදනයේ දැක්වෙයි.
සයිටම් තොරතුරු ;








