ලෝගන් සහ ජේක්: යූටියුබ් කළඹන පෝල් සහෝදරයෝ

ලෝගන් පෝල්

ඡායාරූප මූලාශ්‍රය, TWITTER/LOGAN PAUL

ඡායාරූප ශීර්ෂ වැකිය, ලෝගන් පෝල්

සියදිවි නසාගත්තේ යැයි අනුමාන කළ හැකි මළසිරුරක වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ ප්‍රකාශයට පත්කිරීම පිළිබඳව මිලියන 15කට අධික නිත්‍ය රසික පදනමක් හිමි ලෝගන් පෝල් දැඩි විවේචනයට ලක් විය.

ඇමරිකානු ජාතික ලෝගන් හා ජේක් සහෝදරයන් ඔවුන්ගේ යූටියුබ් නාලිකා, බ්ලොග් සහ රැප් ගීත ඔස්සේ ලොවපුරා මිලියන ගණනකගේ සීහින තාරකා බවට පත් වී සිටිති.

ඔවුන්ගෙන් බහුතරය තරුණ තරුණියන්ය.

ජපානයේ ෆුජි කදුපාමුල 'අකිගිහරා' වනාන්තරයේ මළසිරුරක් සොයාගන්නා අකාරයේ වීඩියෝවක් ලෝගන් සහ ඔහුගේ මිතුරෝ පසුගියදා අන්තර්ජාලයට මුදා හැරියහ.

ඔවුන්ගේ එම ක්‍රියාව සමාජ ජාල තුළ මහත් කැලඹීමක් ඇති කළ අතර, පසුව ඔහු වීඩියෝව ඉවත්කර ගත්තේය.

ඔවුන්ගේ රසිකයන් අතරෙන් ඇතැමෙකු "අගෞරවයක්" සහ "අශික්ෂිත" ක්‍රියාවක් ලෙස එම වීඩියෝව හෙළා දැක තිබිණ. ඇතිවූ බලපෑම හමුවේ, මෙය තමන් "නොමග යැවීමක්" ලෙස සඳහන් කරමින් ලෝගන් පෝල් ට්විටර් ජාලය ඔස්සේ සමාව අයැද සිටියේය.

මට බොහෝදේ වෙනස් විදියකට කරන්න තිබුනා

ඡායාරූප මූලාශ්‍රය, @LOGANPAUL

ඡායාරූප ශීර්ෂ වැකිය, මට බොහෝදේ වෙනස් විදියකට කරන්න තිබුනා

"මම එම වීඩියෝව කිසි ලෙසකින්වත් නිකුත් නොකරන්න තිබුනා. අප හමුවේ තිබූදේ පටිගත කිරීම් නවතා දමන්න තිබුණා. මට බොහෝ දේ වෙනස් විදියකට කරන්න තිබුණා... ඒත් මට නොහැකිවුනා," ඔහු පැවසීය.

වෙනත් පුවත්: