"ආවා නායකයා ඇතුළු පහක් අත්අඩංගුවේ"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
යාපනයේ ක්‍රියාත්මක බව පැවසෙන 'ආවා' නැමැති පාතාල කල්ලියේ සාමාජිකයන් යයි සැක කෙරෙන පස් දෙනෙකු පසුගිය මාස 04 තුළ දී අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු කර ඇතැයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය පවසයි.
'ආවා' කල්ලියේ ප්‍රබල සමාජිකයින් බවට සැක කෙරෙන සිව් දෙනෙකු නොවැම්බර් 19 සහ 22 යන දෙදින තුළදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී ඇති බවත් අගෝස්තු 05 වෙනිදා "ආවා කල්ලියේ නායකයා" අත්අඩංගුවට ගනු ලැබූ බවත් එම අමාත්‍යංශය නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.
අදාළ සැකකරුවන් සමග ත්‍රීරෝද රථයක්, යතුරුපැදි 02 ක්, ජංගම දුරකථන 02 ක්, කඩු 02 ක් සහ කිනිසි 02 ක් ද පොලිසිය බාරයට ගෙන ඇති බව ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මේවන විට 'ආවා' කල්ලිය මර්දනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Thinkstock
තියුණු අසිපත් වැනි ආයුධ යොදා ගනිමින් යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයකදී සිදු කරන ලද පහරදීම් අටක් දින දෙකක් ඇතුළත වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා පොලීසිය පසුගිය 17 වෙනිදා පැවසීය.
එම පහරදීම්වලින් පුද්ගලයන් දොළොස් දෙනකු තුවාල ලබා ඇති බවත් පොලිසිය කියා සිටියේය.
උතුරු පළාතේ ක්‍රියාත්මක වෙමින් ඇතැයි වාර්තා වන 'ආවා' නමැති පාතාල කල්ලිය එකී පහරදීම් පිටුපස සිටින්නේ යයි සැක කරන බව නීතිය හා සාමය පිළිබඳ ඇමති සාගල රත්නායක කියා සිටියේය.
ඒ අනුව යාපනය පොලිස් කොට්ඨාසයේ සියලු නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගත් බව ද එහිදී ඇමතිවරයා පවසා තිබිණි.
සබැඳි පුවත්:
- දවස් දෙකට ප්‍රහාර අටක්; යාපනයේ පොලිස් නිවාඩු අවලංගු කෙරෙයි
- 'ආවා' කල්ලිය පසුපස දේශපාලන බලවේගයක් ?
- 'ආවා සාමාජිකයන් දෙදෙනෙක්' අත්අඩංගුවට - පොලිසිය
- ''ආවා ගෲප්'' : කප්පම් නොදුන් ව්‍යාපාරිකයාට ප්‍රහාරයක් - පොලිසිය
- ආවා කණ්ඩායමට 'කුමන නීතියක් යටතේ හෝ දඬුවම් දිය යුතුයි'
- 'ආවා' කල්ලිය බිහි කළේ ඡන්ද මංකොල්ල කන්න - රාජිත








