වරාය නගරය: "වසර සිය දහස් ගණනක ප්‍රතිවිපාක"

වීඩියෝ ශීර්ෂ වැකිය, වරාය නගරය: "වසර සිය දහස් ගණනක ප්‍රතිවිපාක"

වරාය නගර ව්‍යාපෘතිය සඳහා මීගමුව මුහුදු තීරයෙන් වැලි ගැනීම හේතුවෙන් එම ප්‍රදේශවල ධීවර නිවාස රැසක් මුහුදුබත් වීමේ අවදානමක පවතින බව ප්‍රදේශයේ ජනතාව සහ ධීවර සංවිධාන පෙන්වා දෙති.

මේ අතර භූගෝල විද්‍යාව පිළිබඳ විද්වතුන් පවසන පරිදි මුහුදු පතුලෙන් වැලි ගැනීම තුළ සිදුවන විනාශය තවත් වසර ගණනාවකට බලපානු ඇත.