ක්‍රිකට් නායකත්වය චන්දිමාල්ට සහ උපුල් තරංගට

ඇන්ජලෝ මැතිව්ස් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි තරඟ සඳහා නායකයන් දෙදෙනකු නම් කරනු ලැබ ඇත.
අද (ජූලි 12) උදේ වරුවේ පැවැත්වුන මාධ්‍ය හමුවක දී ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් එම නව තෝරා ගැනීම් ප්‍රකාශයට පත් කරනු ලැබුණි.
ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සඳහා දිනේෂ් චන්දිමාල් නම් කරනු ලැබ ඇති අතර එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය උපුල් තරංගට පැවරෙයි.

පසුගියදා නිම වූ ශ්‍රී ලංකා - සිම්බාබ්වේ එක්දින තරඟාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වීමෙන් අනතුරුව නායකත්වයෙන් ඉල්ලා අස්වෙන මෙන් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට් විශාල බලපෑම් එල්ල වෙමින් තිබුණි.
හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හෝ ලසිත් මාලිංග සහභාගී නොවූ අතරවාරයේ උපුල් තරංග ගේ නායකත්වයෙන් පසුගියදා සිම්බාබ්වේ හි සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරඟාවලිය ජයග්‍රහණය කිරීමට සමත්විය.
එහෙත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ද ඇතුළත් ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව තුළදී තරඟාවලියක් පරාජයවීම ක්‍රීඩාලෝලීන් ගේ දැඩි විවේචනයට ලක් විය.





