පාහියංගල නාය යාම: 'විසි දෙනෙකු පමණ අතුරුදහන්'
හොරණ බුලත්සිංහල පාහියංගල කන්ද නාය යාමත් සමග ඒ ආසන්නයේ නිවාස පහක විසූ විසි දෙනෙකු පමණ අතුරුදහන්ව ඇති බව ගම්වාසීහු පවසති.
කන්ද නාය යාමත් සමග ඊට පහළින් ගලා බසින නාගහ දොළ හරස් වී පිටාර ගලා තිබේ.
ඒ සමග යටගම්පිටිය ගම්මානය පිටාර ගැලූ ජල පහරට හසු වී ඇති අතර ඒ හේතුවෙන් එම ගම්මානයේ වැසියන් තිදෙනෙකු මරණයට පත්ව ඇති බව වාර්තා වේ.
වැඩි විස්තර සඳහා: පාහියංගල නාය යාම: යටගම්පිටිය විනාශය දැන් තත්වය