ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජනාධිපතිතුමා එහෙම යෝජනා කළේ නෑ - අමාත්‍ය ෆොන්සේකා
හමුදාපති හෝ ආරක්ෂක අංශවලට අණ දීම සම්බන්ධ කිසිදු වගකීමක් භාරගන්නා මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ට යෝජනා නොකළ බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.
සිය අමාත්‍ය පදවියෙන් ඉවත්වී යුද හමුදාපති ධුරය හෝ ආරක්ෂක ප්‍රධානී තනතුර බාරගෙන "රට තුළ විනය ඇතිකරන" ලෙස ජනාධිපතිවරයා අඟහරුවාදා (අප්‍රේල් 25) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය සරත් ෆොන්සේකාගෙන් ඉල්ලීමක් කළ බව රජයේ ප්‍රකාශක ආමාත්‍ය රාජිත සේනාරත්න කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
කැබිනට් ප්‍රකාශකවරයා කළ එම ප්‍රකාශය සත්‍ය දැයි බීබීසී සිංහල සේවය අමාත්‍ය ෆොන්සේකා ගෙන් විමසීමක් කළේය.