සද්දන්තයා රැකුමට නිලදරුවෝ නිදිවරති

වීඩියෝ ශීර්ෂ වැකිය, සද්දන්තයා රැකුමට නිලදරුවෝ නිදිවරති

ආණමඩුව කොට්ටුකච්චිය කච්චිමඩුව වැව් ඉස්මත්තේ වෙඩි වැදී තුවාල ලබා වැතිර සිටින ඇතෙකුට ආරක්ෂාව ලබා දීම සඳහා පුත්තලම අලි පාලන ඒකකයේ නිලධාරීහු එම ස්ථානයට පැමිණ සිටිති.

උසින් අඩි දහයක් පමණවන ඇතාගේ වයස අවුරුදු තිස්පහක් පමණවන බව කී වනජීවී නිලධාරීහු ඇතාගේ සෞඛ්‍ය තත්වය ඉතා බරපතළ මට්ටමේ පවතින බව පවසති.

පුත්තලම අලි පාලන ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇත්තේ ඇතෙකු එහි වැටී සිටින බව ප්‍රදේශවාසීන් විසින් පුත්තලම වනජීවී කලාප කාර්යාලයට දැනුම්දෙනු ලැබීමෙන් අනතුරුවය.

ප්‍රතිකාර

line
line

අද (මාර්තු 20) ඇතාට ප්‍රතිකාර ලබා දීම සඳහා වයඹ වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම සටහනට පැමිණීමට නියමිතය.

ප්‍රතිකාර ලබා දීමෙන් පසුවත් ඇතා සුවය ලබන තෙක් ආරක්ෂාව සැපයීම සඳහා එම ස්ථානයේ රැඳී සිටින බව පුත්තලම අලිපාලන ඒකකයේ නිලධාරීහු පවසති.