ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"යුද අපරාධ කළා නම් දඬුවම් දිය යුතුයි"
යුද අපරාධ සිදු කළ පුද්ගලයන් සිටී නම් නිලතල තරාතිරම නොබලා අනිවාර්යයෙන් ඔවුන්ට දඬුවම් ලබා දිය යුතු බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇමතිවරයා පවසයි.
"සමහර වෙලාවට ලක්ෂ දෙකක හමුදාවේ හත් අට දෙනෙක් නොහිටියා වෙන්නත් බැහැ. නොහිටියා නම් එකත් මම හිතන්නේ යථාර්තවාදී නැහැ," ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ උත්සවයකට සහභාගී වෙමිනි.
ලොව වෙනත් රටවල හමුදා තුළත් එවැනි පුද්ගලයන් අතලොස්සක් දැකිය හැකි බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.