"කියන කෙනාට ම ක්‍රෝටන් කවනවා"
කොස් කොළ, ක්‍රෝටන් කොළ, ජපන් බටු කොළ හා කෝප්ප කොළ ද අවශ්‍ය නම් ආහාරයට ගතහැකි යැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා කරන ලද ප්‍රකාශය මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වෙමින් පවතී.
ඒ සම්බන්ධයෙන් අද (ජන.25) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න පැවසුවේ සිය අමාත්‍යංශයේ අයෙකු එවැනි ප්‍රකාශයක් කළේ නම් මුලින් ම අදාළ පුද්ගලයාට ක්‍රෝටන් කොළ කවන බවය.
මේ අතර හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් රජයේ තනතුරු හොබවන බවට එල්ලවන චෝදනා මෙන්ම ලබන 27 වෙනිදා පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා පළකළ අදහස් ඉහත වීඩියෝවෙන් නරඹන්න.



