ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"ටයර් කම්හලේ හිමිකරු ගැන අගමැති දැන සිටියේ නැහැ"
හොරණ ටයර් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
අද (ජන.25) කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එම ව්‍යාපෘතියට ආයෝජනය කළේ කවුරුන් දැයි යන්න අගමැතිවරයා විසින් දැන ගනු ලැබුවේ කර්මාන්ත ශාලාවට මුල් ගල් තැබූ දින උදෑසන බවය.
කර්මාන්ත ශාලාව ඉදි කිරීමට සැලසුම් කළ භූමිය අක්කරයක් රුපියල් සියයක් වැනි මුදලකට ලබාදීමට ගෙන තිබූ තීන්දුව දැඩි ලෙස විවේචනය කළ රාජිත සේනාරත්න ඇමතිවරයා එසේ ඉඩම් ලබාදීමට ඉඩ නොදෙන බව අවධාරණය කළේය.
අදාළ ඉඩම ලබා දීම සම්බන්ධයෙන් නැවත සාකච්ඡා සිදු කිරීමට නියමිත බව කී ඇමතිවරයා කිසිවිටකත් අක්කරයක් රුපියල් සියයකට ලබා නොදෙන බව පැවසීය.
ඒ සම්බන්ධයෙන් ඇමතිවරුන් වගකිවයුතු බව අමාත්‍ය රාජිත සේනාරත්න පැවැසූ නමුත් ඔහු එම ඇමතිවරුන්ගේ නම් සඳහන් නොකළේය.