HIV නිසා රැකියාව අහිමි කළා ද ?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එච්.අයි.වී. ආසාදිතයකු බව සඳහන් කරමින් සිය රැකියාව අහිමි කිරීමට එරෙහිව ගුවන් සේවකයකු විසින් ඉදිරිපත් කරන ලද මුලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය හිමි විය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාලනාධිකාරිය වගඋත්තරකරු කරමින් පෙත්සම්කරු කියාසිටින්නේ පසුගිය ඔක්තෝබර් මසදී තමන් අදාළ ගුවන් සේවයට බැඳුනු බවය.
පෙත්සම්කරුගේ මුලික අයිතීන් කඩවී ඇතිදැයි සොයා බැලීමට විභාගයක් පැවැත්වීම අවශ්‍ය බව කී අධිකරණය, විරෝධතා වේනම් ලබන මැයි මස 30 වෙනිදාට පෙර එය ගොනුකරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගකර ඇත.
මේ පිළිබඳව අදහස් පළකළ පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥ තිෂ්‍ය වේරගොඩ, " මේක ඉතා වැදගත් නඩුවක්. රැකියාවකදී එච්.අයි .වී. ආසාදනය නිසා අසාධාරණයට පත් අයෙකු අධිකරණයට පැමිණි ප්‍රථම අවස්තාව ලෙස මෙය සඳහන් කරන්න පුළුවන්." යැයි පැවසීය.




