‘ඇන්ජලෝ’ ඉවත්කරන බව ඇත්තක් ද ?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
Published
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉවත් කිරීම පිළිබඳ කිසිදු සාකච්ඡාවක් නොවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පවසයි.
පසුගිය අඟහරුවාදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති හදිසි රැස්වීමකදී, දකුණු අප්‍රිකානු සංචාරයෙන් පසු ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙන බව ඇතැම් මාධ්‍ය ඊයේ වාර්තා කළහ.
එහෙත් එවැනි සාකච්ඡාවක් නොපැවති බව ක්‍රිකට් සභාපතිවරයා අවධාරණය කළේ අද පැවති මාධ්‍ය හමුවකදී බීබීසී කළ විමසීමකට ප්‍රතිචාර වශයෙනි.
එම මාධ්‍ය හමුවේදී මතුවූ තවත් කරුණු ඇතුළත් සවිස්තර වාර්තාවක් බලාපොරොත්තුවන්න.

























