ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තරුණියකගේ දිරිය ගමන
තරුණියකට ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක තනිව ආරක්ෂාකාරීව ගමන් කළ හැකි බව ඔප්පු කිරීමේ අරමුණින් රටවටා පා ගමනක යෙදෙන බව දේවිකා කාසිචෙට්ටි පවසන්නීය.
පසුගිය ජනවාරි 10 වැනිදා කතරගම කිරිවෙහෙර අබියසින් තම සංචාරය ආරම්භ කළ ඇය ශ්‍රී ලංකාව වටා කිලෝමිටර් 1268 ක් තනිව පා ගමනේ යෙදීමට බලාපොරොත්තුවෙයි.
කතරගම, ගාල්ල, කොළඹ, පුත්තලම, යාපනය, මඩකලපුව ඔස්සේ ඇගේ ගමන් මාර්ගය වැටී ඇත.
දිනකට කිලෝමීටර් 20-25 අතර දුරක් ගමන් කරන ඇය කිලෝමීටර් 100 බැගින් වූ අදියර 13 කින් සිය පා ගමන නිම කිරීමට බලාපොරොත්තුවන බව බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක් කළ තමන් එයින් උපයා ගත් වැටුප යොදා ගනිමින් මෙලෙස පා ගමනේ යෙදෙන බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.