රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කෝ?

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් ඉදිකර තිබෙන දැන්වීම් පුවරු ගණනාවක් පිළිබඳව බලධාරීන්ට පැමිණිලි කිරීමට රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ ව්‍යාපාරය කටයුතු කර තිබේ.
පාර්ලිමේන්තුව වටා පිහිටි දියවන්නා ඔයේ කිඹුලන් ඇති බැවින් කිඹුලන්ගෙන් ප්‍රවේශම් වන ලෙස දක්වා ඇති පුවරුව දෙමළ භාෂාවෙන්ද දැක්විය යුතු බවට රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ ව්‍යාපාරය කථානායක කරූ ජයසූරිය වෙත යොමු කරන ලද ඉල්ලීම එවැනි එක් පැමිණිල්ලකි.
කිඹුලන් විසින් පදිකයින්ට හානි සිදු කළ හැකි බවට අදාළ දැන්වීම් පුවරුවේ අනතුරු ඇඟවීම කර තිබෙන්නේ සිංහල භාෂාවෙන් පමණි.

එම දැන්වීම් පුවරුව සිංහල භාෂාව නොදන්නා ජනතාව නොසලකා හැරීමක් බව එම ව්‍යාපාරය කතානායකවරයාට යැවූ ලිපියේ සඳහන් වෙයි.
එයට අමතරව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් කොළඹ නගරයේ ස්ථාන කිහිපයකම පළකර තිබෙන දැන්වීම් පිළිබඳව රථවාහන පොලිස් මූලස්ථානයට පැමිණිලි කිරීමටත් එම ව්‍යාපාරය කටයුතු කර තිබේ.




