ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මානව හිමිකම් කොමිසමෙන් රාජිතට ප්‍රතිචාර
ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝන පරීක්ෂා කරන විනිසුරු මඬුල්ල සඳහා විදේශීය විනිසුරන්ගෙන් සමන්විත 'හයිබ්‍රිඩ් උසාවියක්' පිහිටුවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ස්ථාවරයේ වෙනසක් සිදුවී නැති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පවසයි.
එම කොමිසම ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රතිචාර දක්වා තිබුණේ එවැනි විනිසුරු මඬුල්ලක් සඳහා එක් විදේශීය විනිසුරුවකුවත් අසුන් නොගන්නා බවට අමාත්‍ය රාජිත සේනාරත්න කළ ප්‍රකාශය සම්බන්ධයෙනි.
මාධ්‍ය හමුවකදී රාජිත සේනාරත්න ඇමතිවරයා පැවසුවේ රජයේ ස්ථාවරයවන යුද අපරාධ පරීක්ෂණය සඳහා දේශීය විනිසුරන් පමණක් යොදාගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා අනුමැතිය ලබා දී ඇති බවය.
"මෙතෙන්ට ආපු අල් හුසේන් පිළිගත්තනෙ, ඒකට එකඟතාවය පළ කළානෙ" යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් අදහස් දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න "රජයේ ස්ථාවරය, විදේශ නියෝජිතයො නැහැ. විදේශ නියෝජිතයො එන්න පුළුවන්, මේකට තාක්ෂණික දැනුම, නීතිමය උපදෙස් ලබාදෙන්නට ඇවිල්ල ඕනෑම උපදෙසක් ලබාදෙන්න පුළුවන්. විනිශ්චයකාරයෝ විදියට වාඩිවෙන්නෙ ලංකාවෙ කට්ටිය" යනුවෙන් වැඩිදුරටත් පැවසීය.