ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නව ව්‍යවස්ථාවට මල්වතු - අස්ගිරි නාහිමි 'උපදෙස්'
මල්වතු අස්ගිරි මහා විහාරවල අදහස් විමසා බලමින් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පොරොන්දු වූ බව අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේකඛාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රටේ ඒකීයභාවය සහ බුද්ධාගමට හිමි ප්‍රමුඛ ස්ථානය එලෙසම පවත්වා ගැනීම ඇතුළු කරුණු අඩංගු ලියවිලි දෙකක් මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරුන් දෙනම විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත භාර දෙනු ලැබිණ.
ඒ පිළිබඳ අදහස් දක්වමින් අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේකඛාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමියන් කියා සිටියේ අස්ගිරි මහනාහිමියන් අගමැතිවරයා සමග නව ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවය.
"ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කර නොමැති අවස්ථාවක දැනට ඉදිරිපත් වී තිබෙන කමිටු වාර්තා හයේ උද්ගත වී තිබෙන කරුණු සමාලෝචනය කරලා ඒ සම්බන්ධයෙන් අපේ මහා සංඝ සභාවේ අදහස් ඉදිරිපත් කළා," එහිමියෝ කියා සිටියහ.
රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව, බුද්ධාගමට හිමි ප්‍රමුඛ ස්ථානය, පළාත් සභා බලතල සම්බන්ධයෙන් සංඝ සභාව වශයෙන් තමන් අගමැතිතුමාට යෝජනා ඉදිරිපත් කළ බවත් මැදගම ධම්මානන්ද නාහිමියෝ සඳහන් කළහ.