ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගම් වැදුණු තවත් කිඹුලෙක්
හම්බන්තොට ගල්වැව පුංචි මදව්ව ප්‍රදේශයේ ගෙවත්තකදී අල්ලා ගනු ලැබූ දිගින් අඩි 11 ක් පමණවන හැල කිඹුලෙකු බුන්දල වනෝද්‍යානයට මුදා හැරීමට වනජීවී නිලධාරීහු කටයුතු කළහ.
සිය ගෙවත්තේ කිඹුලෙකු සිටිනු දුටු නිවැසියා ඒ බව අසල්වාසීන්ට දන්වා ඇති අතර අනතුරුව එම ස්ථානයට පැමිණි වනජීවී නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව කිඹුලා අල්ලා ගැටගසා තිබේ.
මීට පෙර එම ප්‍රදේශයට කිඹුලන් පැමිණ නැති බව ප්‍රදේශවාසීහු පවසති.
ප්‍රදේශයේ වැව පිහිටා තිබෙන්නේ ද කිලෝමීටර් තුනක පමණ දුරින් වන අතර කිඹුලා කොහේ සිට පැමිණියේ දැයි යන්න නිශ්චිත වශයෙන් කිව නොහැකි බවත් ප්‍රදේශවාසීහු කියා සිටියහ.