ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මාරවිල මුහුදේ අමුත්තෙක්
මාරවිල බරුදල්පොළ වෙරළේ සිටි අඩි 18 ක් පමණ දිගැති කිඹුලකු වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබේ.
කිලෝ ග්‍රෑම් 650 පමණ බරැති කිඹුලාගේ වයස අවුරුදු පනහක් පමණ වන බව වනජීවී නිලධාරීහු පවසති.
කිඹුලා දැක බලා ගැනීම පිණිස දහස් සංඛ්‍යාත පිරිසක් මාරවිල බරුදල්පොළ වෙරළට පැමිණ සිටි බවයි ප්‍රසාද් පූර්ණිමල් ජයමාන්න සංදේශයට වාර්තා කළේ.
නවගත්තේගම කලාප වනජීවී නිලධාරීන් පැමිණ කිඹුලා පුත්තලම ප්‍රදේශයේ ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන ගිය බවයි ඔහු කියා සිටියේ.